ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිටයි.
ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි කිලොවක මිල රුපියල් 35ත් 45ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
බේ කරිවලට ලැබෙන තිරිඟු පිටි ප්‍රමාණය පහළ වැටීම හේතුවෙන් බේකරි හිමියන් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සමාගම් බේකරිවලට ලබා දෙන තිරිඟු පිටි ප්‍රමාණය 50%කින් අඩුකර තිබීම එයට හේතුවනවා.