ජ නාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
හි ස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ අගනුවර ඇතුළු තවත් නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.
දි වයින ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප වතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ද්විඅයිනේ බොහෝ ප්‍රදේශවලට තද වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම ද…
බටහිර සහ යුරෝපීය රටවල් යුක්රේනයට යුධ ආධාර ලබා දීම පිළිබඳව රුසියාව විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. රුසියාව ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට අවි ආයුධ සැපයීම එම රටවලට භයානක පියවරක් වනු ඇති බවටයි.
සීඝ්රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි …
ඔ මික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා ඉන්දියාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාස 7කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (08) දිනයේ දී හඳුනාගත්තා. ඒ 147,814ක්.
ශ්‍රී ලංකාවේ තිස් දහසක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා. උසස්පෙළ විද්‍යා ගණිත සහ තාක්ෂණික විෂයන් සඳහාත් 6-11 ශ්‍රේණිවල විද්‍යාව ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂය සඳහාත් ප්‍රාථමික ශ්‍රේණ…
ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිරීක්ෂණය නොවන අයුරින් වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා නිලධාරීන් පැමිණෙන බව විමර්ශන වලින් අනාවරණය කර ගෙන තිබුණා. ඒ පසුගිය රජය කාලයේ දී අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාව…
ඉ න්දුනීසියාවට රිච්ටර් මාපල 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ම හ ඔය ද්‍රෝණියේ ඉහල ජල ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය හේතුකොටගෙන මහ ඔය ගංඟාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කො ළඹ සහ තවත් දිස්ත්‍රික්ක 6ක ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර අනෙකුත් දිස්ත්‍රික්කයි.
වැ සි තත්ත්වය හේතුවෙන් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
කො විඩ් - 19 රෝගී තත්ත්වයට හේතුවන නව කොරෝනා වෛරසය චීනය වූහාන් නගරයෙන් වාර්තා වීමත් සමග බෝවන රෝග පිළිබඳ නැවතත් ලොව පුරා කතිකාවතක් නිර්මාණය වුනා.
ප වතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගලමින් පවතින් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කැළණි ගඟ, මහ ඔය මෙන්ම සීතාවක ගඟද පිටාර ගලමින් පවතින අතර නිල්වලා සහ කළු ගඟේ ජල මට්ටමද ඉහල යමින් පවතිනවා. කැළණි ගඟ ආශ්‍රිතව කඩ…
දි වයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බර පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අ ඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
ප වතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. සම්පූර්ණ නිවේදනය…