ඉ රානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ දීයි.
යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
සුඛෝපභෝගී රථවාහන නිෂ්පාදන සමාගම් අතර ලොව ප්‍රසිද්ධ BMW සහ වොක්ස්වැගන් ආයතන නව වාහන නිපැයුම් සියල්ල නතරකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වාහන නිෂ්පාදනය සඳහා අමතර කොටස් හිඟවීම මෙයට හේතුවී තිබෙනවා.
මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්රේන ආක්රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
බටහිර රටවල් 14ක රාජ තාන්ත්‍රිකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනය වෙනුවෙන් හඬ නැඟීමට සහායවන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.
රුසියාවට එරෙහිව තමන් යුද්ධයකට නොයන බව අමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.
රුසියන් සහ යුක්රේන යුද ගැටුම් හමුවේ ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේ යැයි දැඩි කුතුහලයක් පවතින වකවානුවක උතුරු කොරියාව වසා දැමූ න්‍යෂ්ටික වැඩ බිමක් නැවත අළුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් හේතුවෙන් තෙවන වරටත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබෙනවා.
සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් යුක්රේනයේ මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශයට පත් කල පැය 5ක සටන් විරාමයකින් පසු යුක්රේන රුසියා ගැටුම් තවත් දරුණු වී තිබෙනවා.
යුක්රේනයේ කියුව් නගරයේ මර්මස්ථානවලට පහර දීමට කටයුතු කරන බව පවසමින් රුසියන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගෙන යන සටන් නිසා ලෝකයේ සෑම ක්ෂේත්රයකටම පාහේ දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ද දැඩි අර්බුදයක් හටගනු ඇති බවට සැක පළ කෙරෙනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ආරම්භ කිරීමෙන් පසු යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ යුද ගැටුම් උග්‍ර වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් සමස්ථ යුරෝපා කලාපයටම විකිරණශීලී බලපෑමක…
යුක්රේනය රුසියාව සමඟ තිබූ සියළුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හිට වූ බව යුක්රේන ජනාධිපතිවරයා අද නිවේදනය කලා. ඔහු සිය ජනතාව අමතා ප්‍රකාශ කර ඇත්තේ හැකියාවක් ඇති සියළුම දෙනා තුවක්කුවක් රැගෙන රුසියාවට එරෙහි සටහනට එක්වන ලෙසයි.
යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියන් ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කර තිබෙනවා. රුසියන් ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද උදෑස්න 5.05ට ජාතිය අමතමින් කියා ඇත්තේ තමන් ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට හමුදාවන්ට නියෝග නිකුත් …
රුසියන් හමුදාව මේ වන විට යුක්රේනය තුන් පැත්තකින් වට කරමින් ලක්ෂ සංඛ්‍යාත භට පිරිස් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියන් හමුදාව කවර දිසාවකින් යුක්රේනයට ඇතුල්වන්නේ දැයි තවමත් පැහැදිලි නැති නමුත් ස්ථාන තුනකට තර්ජනාත්මක පීඩනය…
තු න්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා.
උ තුරු කොරියාව සහ දකුණු කොරියාව අතර නැවතත් ගැටුම් ඇති වීමට ආරම්භවී තිබෙනවා. 2017 වසරේ දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූ Moon Jae-in උතුරු කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමත් සමඟම දෙරට අතර ඇවිලෙමින් තිබුණු ය…
ර ට වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන් අනවශ්‍ය ලෙස පීඩනයට ලක් කිරීමට තමා කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ජනාධිපති තුමා එහිදී කියා සිටියේ රටට අසාධාරණයක් වන ලෙස යම් ජාත්‍යන්තර ආයතනයක් සංවිධානයක් ද…
ඉ රාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති …
ඉ රාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80දෙනෙකු මියගොස් ඇති බව යි. ප්‍රහාරයෙන් කිසිදු ඉරාක වැසියෙක්…