විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවයන්ට පත්වන බැවින් ඔවුන්ට හෙට (04) දිනයේ සිටම පාසැල් නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කල් දැමීමට තීරණය කර තිබූ බස්නාහිර පළාත් 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත දිනටම පැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 29 දින සිට අදාළ වාර විභාග ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් පාසැල්වල වාර විභාගය පැවැත්වීමට බාධාවන් එල්ල වී තිබෙනවා. ඒ කඩදාසි සහ අමුද්‍රව්‍ය හිඟයක් මතුව තිබීම හේතුවෙන්.