නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. නව ඇමතිවරුන් ලෙස පත්කරගන්නා මන්ත්‍රීන් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.
කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කැබිනට් මණ්ඩල සංඛ්‍යාව මේ අවස්ථාවේ පවතින්නේ තිහක සීමාවේය.
කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.