පළාත් පාලන ආයතන වල නිල කාලය 2023 වසරේ මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ආ ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ දීයි.
අ ද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේ දී ජනාතිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ ඔක්තෝබර් 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මකවන පළාත් අතර සංචරන සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටයි.
කො විඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පළාත් අතර සංචරණය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද නතර කෙරෙනු ඇති. සම්පූර්ණ විස්තරය පහතින්
බ ස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන…
ප ළාත් අතර පෞද්ගලික සහ ලංකා ගමනා ගමන බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. මීට සමාන්තරව දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කෙරෙනු ඇති.
කො විඩ් 19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා සියළු පළාත් අතර මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා වූ සියළු පාර්ශවයන් සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.…
සී මා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා. ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහි…