මෙරට පවතින ඩොලර් හිඟය යන් තාක් දුරට හෝ අඩු කර ගැනීමට වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එමඟින් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට අදහස් කරන බවයි පැවසෙන්නේ.
රජයේ වාහන හෝ දේපල මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් විසින් අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
නි රෝධායන ක්‍රියාවලියට සහයෝගය නොදී සැඟවී සිටින පුද්ගලයින්ට විරුද්ධව නඩුපැවරීමටත් එසේ සැගවී සිටින පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. මේ වන විට එසේ නිරෝධායනය මගහැර සිටි…