අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (02) ස්වාධීන මන්ත්රීවරුන් සමඟ පැවති හමුවේදීයි.
ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවයි. නමුත් නව අගමැතිවරයෙක් පත් කරන තෙක් තමන් ධූරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇති බව සඳහන්.