අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලිය කප්පාදු කරන කාල සටහනට අනුව අදාළ පැය ගණනට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි විදුලි බල ආරංචි මාර්ග පවසන්නේ. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ තාප විදුලි බලාගාරවල විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීමයි.
දැනට දීර්ඝ කාලයක් පුරා පවතින දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව පවතිනවා. ඒඅනුව IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
විදුලිය විසන්ධි වීමත් සමඟම අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් ද සිදුව ඇති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.
හෙට දිනයේ දී (31) පැය 13ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වුවත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.
විදුලි බලාගාර සතුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ දී විදුලි කප්පාදු කරන කාල සීමා දීර්ඝ කර තිබෙනවා.
ජල විදුලිය නිපදවන විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත යන මෙවන් අවස්ථාවක ඉන්ධන හිඟය නිසා කෙරවලපිටිය විදුලි බලාගාරයේ ද විදුලි ජනන කටයුතු නතර කිරීමට සිදුව තිබෙනවා.
විදුලි කප්පාදුව මැයි මස දක්වාම බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තු වුව ද එය මැයි මස දක්වාම කල් යනු ඇති බවයි.
කැළණිතිස්ස තාප විදුලි බලාගාර සංකීර්ණයේ ක්‍රියාත්මක නැප්තා ඒකාබද්ධ චක්‍ර බලාගාරය ඊයේ අප්ස්වරුවේ සිට අක්‍රිය වී තිබෙනවා. ඒ නැප්තා නොමැති වීම හේතුවෙන්. මෙම බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතවක් ජනනය කරනු ලබනවා. එසේම කැළණිතිස්ස බලාගාරයේ …
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 8.30ට විනාඩි 15ක පමණ කාලයක් ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ අනුව රජයේ ආයතනවල විදුලිය සහ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් වූ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඉදිරියේ දී විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු හිඟයක් ඇති විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසා තිබෙනවා. ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනයට යොදා ගැනීමට සූදානමක් ඇති බවත් ඒ හේතුවෙන් ගල් අඟුරු ගෙන්වීමට නොහැකි…
හෙට (06) සහ අනිද්දා (06) සති අන්තයේ දීත් විදුලිය විසන්ධි කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඇතැම් කලාප සඳහා පැය 7ක කාලයක් විදුලිය විසන්ධි වීමට නියමිතයි.
පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඉන්ධන හිඟය හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකිව විදුලි බලාගාර 8ක් මේ වන විට නවතා දැමීමට සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වන ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගර දෙකක් පමණක් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. ඒ සෝජ…
හෙට (02) පැය 7 1/2 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එහිදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ මාර්තු මස 05 වන දින වන විට …
අද දිනයේ විදුලිය විසන්ධිවන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව A,B,V කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් ද P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් ද විදුලිය කප්පාදු කරන බවයි දැනුම් දෙන්…
මෙම සති අන්තයේ දී රාත්‍රී කාලයේ විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර තිබෙනවා.