මෙ රටින් සූකර උණ වාර්තා වීමත් සමඟම සියළුම ඌරු ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශු වෛද්‍ය කාර්යාලය වෙත ගොස් තොරතුරු ලබා දෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළවල් භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
ලොව පළමු වරට මිනිස් හදවතක් වෙනුවට ඌරු හදවතක් බද්ධ කළ මිනිසා මියගොස් ඇතැයි වාර්තා වනවා. ඔහුට ඌරු හදවතක් බදධ කරන ලද්දේ මීට මාස 02කට පෙරයි. සැත්කමෙන් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූවා.