මෙ රට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඔ ක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය 120%කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසා සිටින්නේ.
කො ළඹ නගරය ඔක්සිජන් හිඟවීමේ ගැටළුවකට මුහුණ දී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. කොළඹ නගරයේ වායුගෝලීය ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණයක් මඟින් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.…
අ නුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනෙකුගේ ජීවිත ඔක්සිජන් නොමැතිව අවදානමට ලක්වූ බවට වූ පුවතක් වාර්තා වනවා.