විදුලිය කප්පාදු කරන කාල සටහනට අනුව අදාළ පැය ගණනට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි විදුලි බල ආරංචි මාර්ග පවසන්නේ. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ තාප විදුලි බලාගාරවල විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීමයි.
දැනට දීර්ඝ කාලයක් පුරා පවතින දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව පවතිනවා. ඒඅනුව IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
විදුලිය විසන්ධි වීමත් සමඟම අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් ද සිදුව ඇති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වුවත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.
විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එහිදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ මාර්තු මස 05 වන දින වන විට …