රජය විසින් ක්රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙලීම පසුගිය සඳුදා (24) දින සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.
ලෝ කයේ කාබනික පොහොර වගාව පිළිබඳව පවත්වන වාර්ෂික සම්මේලන වාර්තාවට අනුව ලොව සිටින රටවල් හතරක් දිගු කාලීන සැලසුමක් හරහා කාබනික පොහොර යොදා ගනිමින් තම ඉලක්ක වෙත ගමන් කරනවා. ඩෙන්මාර්කය, ඔස්ට්රියාව, තායිලන්තය සහ ඉන්දියාව එම රටවල් හතරයි…
චී නයේ සිට මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියාවන් සිටින බවට ශ්රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමත් සමඟම එම පොහොර තොගය රැගත් නෞකාව කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබුණා.
චී න සමාගමකින් මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබූ කාබනික පොහොර ගෙන්වීම තහනම් කිරීමෙන් පසු අළුත් සහතිකයක් යටතේ එම පොහොර තොගය මෙරටට ගෙන්වීමේ සූදානමක් ඇත්දැයි සැකයක් මතුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්රකාශ කරනවා.