"ඔය අතරෙ ඔලුවෙන් දළ දෙක ඉවත් කරන්න වෙනවා. ඒක බොහොම පරිස්සමට කළ යුත්තක්. දළ වල පතුරු නොගැලවෙන විදිහට බොහොම පරිස්සමටයි දළ ගැලවිය යුත්තෙ. ඊළඟට ඔලුව වළ දානවා. කාලෙකදි ආපහු මේ ඔලුව ගොඩගන්න වෙන නිසා එය වළ දැමිය යුත්තේ උඩින් ටකරමක…
මියගිය නැඳුන්ගමුවේ හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා.
වසර ගණනාවක් ශ්‍රී දළඳා පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ හස්තිරාජා අද අළුයම මියගොස් තිබෙනවා.
ඇ සළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ලබන 2 වන දා සිදුකෙරෙන අතර, කුඹල් පෙරහර ලබන 5 වන දායින් ආරම්භ කරනවා. නමුත් නැඳුන්ගමුවේ රාජා හස්තියාට මෙවර ඇසළ පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම අහිමි වී තිබෙනවා. රාජා හස්තියා මඳ කිපීම හේතුවෙන්. …