ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙකම බැසිල් රාජපක්ෂගේ මතයන් අනුව වැඩ කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. බැසිල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර "ඩීල්" එකක් ඇති බවයි මන්ත්‍රී වරයා පවසා ඇත්තේ.
ඊයේ සවස විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දක්වමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.