පසුගියදා මිරිහාන ප්රදේශයේ දී සිදු වූ ජන අරගලය අවස්ථාවේ දී පොදු දේපළවලට හානි කරමින් බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මිරිහාන ජනපති නිවස ආසන්නයේ ට්රාන්ස්ෆෝමරයක් මතට නැගි පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින්.
නුගේගොඩ ජුබිලි කණුව අසල ඊයේ පැවති සාමකාමී නිහඬ අරගලයේ දී කිසියම් හෝ සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වනවා. ඔවුන් යකඩ මුගුරු, කැති, පොලු රැගෙන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත පිරිස උසි ගන්වා ඇති…