අ ත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
නී ති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අද අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
හි ටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහනුවර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.