ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,199ක් සහ කිලෝග්රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා.
ලි ට්රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම් දෙක තීරණය කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් පැනවූ කොන්දේසිවලට යටත්ව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම කළ නොහැකි බව කියමින් එම සමාගම් දෙක ගෑස් නිකුත් කිරීම නවතා දමා තිබුණා.
ඕ නෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.