මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබූ ගෑස් නෞකාවෙන් ගෑස් මෙට්රික් ටොන් 3500ක් ඊයේ නිදහස් කර ගනු ලැබුවා. ඒ අනුව දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) සවස වන විට අවසන් වී තිබීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.