පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඔහුගේ ධූරය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එරට විපක්ෂය මඟින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන්.
පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ගොනු කල විශ්වසභංගය සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබෙනවා. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
න ඩු සඳහා අධිකරණයට ගොස් නැවත නැවත බන්ධනාගාරයට පැමිණීමේ දී තමන්ව පරීක්ෂා නොකරන ලෙසත් තමන් හමුවට පැමිණෙන නීතිඥවරුන් පරීක්ෂා නොකරන ලෙසත් ඉල්ලමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය දිනක සිට ආහාර වර්ජනයක නිරත වී සිටිනවා.