මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ නිවාස සංකීර්ණයේ ආරක්ෂාව වහාම ක්රියාත්මකවන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඉන්ධන හිඟයත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිසියාකාරව බෙදා දෙන්නේ දැයි අධීක්ෂණය කිරීමට අද (22) දින සිට යුද…