අ ද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා. ඒ මාසිකව සිදුවම මිල සංශෝධනය අනුවයි.
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
රථවාහන සඳහා ලබා දෙන ඉන්ධනවල ප්‍රමිතියේ අඩු බවක් දක්නට ඇති බව මේ දිනවල පාරිභෝගිකයන්ගේ නැගෙන චෝදනාවක්. ඒ හේතුව නිසා ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම් සැකයක් ඇත්නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා මහජනතාව…
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ (29) සාකච්ඡාවක් පැවැ…
ඉන්ධන ප්‍රවාහනය කටයුතු සඳහා යුද සහ ගුවන් හමුදා ආරක්ෂාව ලබා දීමට රජය විසින් තීරණය කිරීමත් සමඟම අද (21) සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් අද (20) දිනයේ සිට ඉවත්වන බව ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. රට පුරා ඇති අනාරක්ෂිත තත්ත්වය පහව යන තෙක් මෙලෙස ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ.
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමටයි තීරණය වී ඇත්තේ.
දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.
පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර …
ඉදිරි මාස හයක කාල සීමාව තුළ දී ඉන්ධන මිල සහ බදු ප්‍රතිශත ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඔහු පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහාය ඉල්ලීමට සූදාන…
IOC සමාගම තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමූව ද එයට නීතිමය පියවර ගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා.
වැඩි වූ තෙල් මිලට සමගාමීව සිපෙට්කෝ තෙල් මිලද ඉහළ යාම සම්බන්ධයෙන් කල විමසුමක දී බලශක්ති අමාත්‍යවරයා පවසා ඇත්තේ දැනට සිපෙට්කෝ තෙල් මිල ඉහළ නොදමන බවයි.
පෙට්‍රල් සහ ඩීසල් නෞකා තුනක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. ඒ හේතුවෙන් තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති …
ඉන්ධන හිඟයත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිසියාකාරව බෙදා දෙන්නේ දැයි අධීක්ෂණය කිරීමට අද (22) දින සිට යුද…
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඇති කරගත් ආරවුලක් මත එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි ව ගොස් තිබෙනවා.
රුසියා යුක්රේන ගැටුම් හේතුවෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ ගෝලීය තෙල් භාවිතා කිරීම අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය කරුණු 10කින් සමන්විතයි. මෙමඟින් මාස හතරක් ඇතුළත ලෝකයේ තෙ…
අඩු මිලට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා සහභාගී වූ පෞද්ගලික නාලිකාවක සාකච්ඡාවක දී අමාත්‍යවරයා වත්මන් තෙල් මිල නොදැන සිටීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක් ව තිබෙනවා. ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්ම…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ද ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.