රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙලීම පසුගිය සඳුදා (24) දින සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගයකට අනුව මෙරටට පැමිණ තිබූ පොහොර නෞකාවට අදාළ ගෙවීම් සිදු කිරීම නවතා දමා තිබූ අතර එම වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අද (07) එම පොහොර නෞකාව අයත් සමාගමට අදාළ මුදල් ගෙවීමට මහජන බැංකුව තී…
රජය විසින් ලබා දී ඇති පොහොර භාවිතා නොකල කිසිම ගොවියෙකුට වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. යම් ගොවියෙක් වන්දි ඉල්ලනවා නම් කාබනික ඝන පොහොර, ජෛව දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේම "නැනෝ"…
ලෝ කයේ කාබනික පොහොර වගාව පිළිබඳව පවත්වන වාර්ෂික සම්මේලන වාර්තාවට අනුව ලොව සිටින රටවල් හතරක් දිගු කාලීන සැලසුමක් හරහා කාබනික පොහොර යොදා ගනිමින් තම ඉලක්ක වෙත ගමන් කරනවා. ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, තායිලන්තය සහ ඉන්දියාව එම රටවල් හතරයි…
කා බනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් මෙරටින් වාර්තා වූණා. ඒ පිළිබඳව නොයෙකුත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්ති…
ර සායනික පොහොර ගෙන්වීමට අවසර ලාඅ දීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ගෙන්වීමට අවසර හිමිවනවා.
කෘ ෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දැනුම් දී ඇත්තේ පළිබෝධනාශක, කෘමිනාශක, රසායනික පොහොර සහ වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර හිමිවන බවයි.
ම හ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
අ හිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් චීන පොහොර තොගය නැවත පරීක්ෂාවට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාර දීමට මෙතෙක් එකඟතාවයකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
චී නයේ සිට මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියාවන් සිටින බවට ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමත් සමඟම එම පොහොර තොගය රැගත් නෞකාව කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබුණා.
අ හිතකර බැක්ටීරියා ඇති බවට තහවුරු වීමත් සමඟම ආපසු හරවා යැවූ චීන කාබනික පොහොර සහිත නෞකාව තවමත් මෙරට මුහුදු කලාපය ආසන්නයේ රඳවාගෙන සිටිනවා. එම පොහොර තොගය සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශවය විසින් පිළිගත් ආයතනයකට යොමු කර පරීක්…
චී න සමාගමකින් මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබූ කාබනික පොහොර ගෙන්වීම තහනම් කිරීමෙන් පසු අළුත් සහතිකයක් යටතේ එම පොහොර තොගය මෙරටට ගෙන්වීමේ සූදානමක් ඇත්දැයි සැකයක් මතුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කරනවා.
චී නයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා.
පො හොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.…
ම හවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවකට අනුව ඉදිරි මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව වෙනුවෙන් අවශ්‍ය වන පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ත…