ඉ න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය ඉල්ලා සිටින්නේ මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව 2022 අප්‍රේල් මස 01 වන දින සිට හදිසි නීතිය පනවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
2 020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාම හේතුවෙන්. ඊයේ දිනයේ දී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177ක් වාර්තා වී තිබුණා.
මි නුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් -19 රෝගීන් කිහිපදෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දී ඇති අතර එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. එම නිවේදනය පහතින්.