ඊයේ (14) ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා. රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමඟම මෙසේ බොරතෙල් මිල පහත වැටී ඇති බවයි…
මැද පෙරදිග පවතින දේශපාලනික අස්ථාවරත්වය, යුක්රේනයේ යුද වාතාවරණය සහ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය යන කරුණු මුල් කර ගනිමින් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.
ස පුගස්කන්ද බොරතෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟම රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව බොරතෙල් රැගත් නෞකා දෙකක් ලබන මසදී මෙරටට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳ…