පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව පවත්වන සාමකාමී අරගලවලට සහභාගීවන විරෝධතාකරුවන්ගේ මාන්ව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්රී ලංකා රජයට දන්වා තිබෙනවා.
ශ්රී ලංකා හෙද සභාවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසුම ඊයේ පැවැත්වුණා. එම පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් පත්ව තිබෙනවා. එය ප්රතිශතයක් ලෙස ගත් කල 66%ක්.