ල බන වසරේ අප්‍රේල් දක්වා රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
පො ල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් පවත්වාගෙන යනු ලබනවා. දැනට උද්ගත වී ඇති පොල් හිඟය නිසා ජනතාවට සහන සැලසීමටයි එම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ.
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ව්‍යාජ ලේබල භාවිතා කරමින් විවිධ පුද්ගලයින් විසින් පොල් පර්යේෂණ ආයතනය මඟින් නිෂ්පාදිත සහතික කරන ලද පොල් පැළ නමින් අධික මිලකට ව්‍යාජ පැල නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව පොල් පර්යේෂණ මණ්ඩලය පවසනවා. ඒ බව දක්වමින් පොල් පර්යේෂණ…
මෙ රට වෙළඳපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් මතු වී තිබුණා. ඒ අනුව ගුණත්මකභාවයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහකින් යුත් ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබුවා.
ප සුගියදා දංකොටුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් පිළිකාකාරක පොල්තෙල් අඩංගු බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල අෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු වී තිබෙනවා.
2 016 ඔක්තෝබර් 07 වැනිදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොල්තෙල් කලවම් කර එහි අඩංගු සංඝටක ලේබලයේ සඳහන් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ආන්දෝලනාත්මක කතා බහකට ලක්ව ඇති පිළිකා කාරක සහිත පොල්තෙල් මෙම විශේෂ ගැසට් න…
පො ල්තෙල් ලීටර් 28,000ක් අධික ප්‍රමාණයක් අඩංගුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කන්ටේනර් රථයක් පොලි භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රී 7.30ට පමණ.
එ දිරිසිංහ එඩිබල් ඔයිල් පුද්ගලික සමාගමට අයත් පිළිකා කාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවේ කර්මාන්තශාලාවක සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිසීය සමත් වුණා.
වි ෂ සහිත පොල් තෙල් දිවයින පුරා බෙදා හැර ඇති බවට වූ කතාව සම්බන්ධයෙන් ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක දේශීය නිෂාපාදකයින් දිරිගැන්වීමේ අරමුණින් පොල්තෙල් ආනයනය කිරීම වෙනුවට මෙරට තුළම පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්රව්…
ඇ ෆ්ලටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකය අඩංගු ආනයනික පොල්තෙල් බහාලුම් 13ක් වෙළඳපොළට නිකුත්වී ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ප්‍රකාශ කිරීමත් සමඟම ඒ පිළිබඳව රට තුල දැඩි කතා බහක් ඇති වුණා.
මි නිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක වරායේ තිබෙන බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා.
පා රිභෝගික කටයුතු අධිකාරිය විස්න් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.එම මිල නියම කර තිබෙන්නේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුවයි.