සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් යුක්රේනයේ මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්රකාශයට පත් කල පැය 5ක සටන් විරාමයකින් පසු යුක්රේන රුසියා ගැටුම් තවත් දරුණු වී තිබෙනවා.
යුද ගැටුම් වහා නවතා සටන් විරාමයකට යොමු වී සාකච්ඡා සඳහා එන ලෙස යුක්රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා සිටිනවා. යුක්රේන ජනාධිපතිවරයා මෙලෙස ඉල්ලා ඇත්තේ රූපවාහිනිය ඔස්සේ ප්රකාශයක් නිකුත් කරමින්.