සාලාව හමුදා කඳවුරේ 2016 වසරේ සිදු වූ පිපිරීමෙන් පසුව නිවසකට ගෙනවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එම පුපුරා යාමෙන් 15 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී.
අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.