පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත් හිටුවා තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තුව 30%කින් වැඩි කිරීමට බලධාරීන් එකඟවීම හේතුවෙන්.
ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව ප්‍රවාහන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සිය ධාවන කටයුතුවලින් ඉවත් වීමට පසුගිය දා පියවර ගත්තා. එයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ග…
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ (29) සාකච්ඡාවක් පැවැ…
රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර් රියදුරු සහ සහායකයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහනය කටයුතු සඳහා යුද සහ ගුවන් හමුදා ආරක්ෂාව ලබා දීමට රජය විසින් තීරණය කිරීමත් සමඟම අද (21) සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් අද (20) දිනයේ සිට ඉවත්වන බව ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. රට පුරා ඇති අනාරක්ෂිත තත්ත්වය පහව යන තෙක් මෙලෙස ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ.
අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු 60%කින්වත් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.