දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පලා යාමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව නීතිඥවරුන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.
ඊයේ (24) දිනයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කල විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය විසින් කොළඹ කොටුව අවට ප්‍රදේශයේ ස්ථිර මාර්ග බාධක යොදවා තිබුණා. එම මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකර කළු ඉටිකොළවලින්…
කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක ස්ථිර මාර්ග බාධක සවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි යකඩ බඩ යොදා අද පෙරවරුව වන විට මෙම ස්ථිර මාර්ග බාධක සවි කර තිබුණා.
සමාජ මාධ්‍යවල අවහිරතාවයක් නිසා පරිශීලයන්ට ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ද පිවිසීමේ හැකියාව නොමැති වී තිබෙනවා.