ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිටයි.
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එසේම බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද ඉහළ දැමෙනු ඇති.
බේ කරිවලට ලැබෙන තිරිඟු පිටි ප්‍රමාණය පහළ වැටීම හේතුවෙන් බේකරි හිමියන් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සමාගම් බේකරිවලට ලබා දෙන තිරිඟු පිටි ප්‍රමාණය 50%කින් අඩුකර තිබීම එයට හේතුවනවා.
පා න් ගෙඩියක මිල ඉහළ දැමීම සිදු කළ නොහැකි නිසා පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය අඩු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය රජයට යෝජනා කරනවා. එසේ කළහොත් පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.