ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ගෑස් නෞකාවක් අද (04) මෙරටට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු බවයි සඳහන් වන්නේ.
මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා මුදල් ගෙවීමක් ඊයේ (16) දිනයේ දී සිදු කර තිබෙනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරනු ඇති බවයි පැවසෙන්නේ.
නොබෝදා ගෑස් නෞකාවෙන් අවසන් වරට ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවත් මේ වන විට මුහුදේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාව ද හෙට දිනයේ දී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බවත් ලිට්‍රො සමාගම පවසනවා…
සිංගප්පූරුවෙන් පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් මෙම නෞකාවේ ඩීසල් තොගය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් පැවතියා.
ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ල් රැගත් නෞකාවක් අද මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මෙරට තුළ සිමෙන්ති හිඟයක් පවතින අවස්ථාවක සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවීමට නියමිත බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදයකයින් පවසනවා. සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් පසුගිය සතියේ දී ද මෙරටට පැමිණි බව ඔවුන් සඳහන් කර…
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගයකට අනුව මෙරටට පැමිණ තිබූ පොහොර නෞකාවට අදාළ ගෙවීම් සිදු කිරීම නවතා දමා තිබූ අතර එම වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අද (07) එම පොහොර නෞකාව අයත් සමාගමට අදාළ මුදල් ගෙවීමට මහජන බැංකුව තී…
ලි ට්රෝ ගෑස් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගෑස් අඩංගු නෞකා දෙකෙහි ඇති ගෑස් ගොඩබෑමට පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් අවසර ලබා නොදීම නිසා එම නෞකා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා.
කි රින්ද, මහරාවණ හි සිට නැගෙනහිර දෙසට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසනවා.
කො ළඹ වරායට නුදුරින් තිබිය දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ මූලික හානි වෙනුවෙන් ඉල්ලීමට නියමිත වන්දි මුදල තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙනීතිපතිවරයා විසින් මේ බව ද…
ගි ලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති ද්‍රව්‍ය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එ ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටස මීටර් 22ක් වූ ගැඹුරු මුහුද පත්ලට කිඳා බැස තිබෙනවා. මේ හේතුවෙන් නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදෙගෙන යාමේ කටයුතු නතර කිරීමට නෞකාව ගලවා ගැනීමේ සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.
ගි නි ගැනීමකට ලක්වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගැඹුරු මුහුද ශේසට ඇඳගෙන යාමේ කටයුතු අද උදෑසන සිට ආරම්භ කෙරුණා. නමුත් එම නෞකාව ගිලී යාමේ අවදානමකට පත්ව ඇති නිසා මෙම කටයුත්ත අපහසු තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වනවා.
ප ර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ගිනි නිවීමේ කණ්ඩායම් එම නෞකාවට ඇතුල් වී තිබෙනවා. මේ වන විට එහි තක්සේරු වාර්තා ගණනය කරමින් පවතිනවා. ඡායාරූප පහතින්
ගි නිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් පාවී ආ ද්‍රව්‍ය රැගන ගිය පුද්ගලයින් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම නැවෙහි තිබූ පවී ආ කන්ටේනර් ඉන්දියාවේ සිට පැමිණි ඒවා විය හැකි බැවින් ඉන්දියාවේ පැතිරයන මාරාන්තික …
කො ළඹ වරායට ආසන්නයේ ගිනි ගනිමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්පූර් ණයෙන් පාලනය කිරීමට මේ දක්වාත් හැකියාව ලැබී නැහැ. මේ වන විට මෙම නෞකාව දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේ දී නෞකාව මුහුදුබත් වීමට වැඩි ඉඩකඩක්…
නෙ දර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් සිටි බහාලුම් ප්‍රවාහන නෞකාවක ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියා කටයුතු සඳහා හම්බන්තොට වරායට ප්‍රවේශ වීමට අවසර ලබා දී තිබුණා. ඒ මෙරට පිහිටි අදාළ නෞකා සමාගමේ ඒජන්තවරයා විසින් සිදු…
සූ වස් ඇළේ සිරවී තිබූ MV Ever Given නම් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
තෙ ල් ටොන් 270,000ක ප්‍රමාණයක් සහිතව අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ ගින්නමේ වන විට මැඩ පවත්වා ඇති බව න්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරනවා.