පො ලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් ඇති බවත් එය කිසිදු නීති විරෝධී කටයුත්තක් නොවන බවත් සඳහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප සුගියදා පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ දී නිවසකින් රන්මාලයක් සොරාගත්තා යැයි සැකපිට තරුණයින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබුණා.
ප මුණුගම ප්‍රදේශයේ නිවසකින් රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා. සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ අසලින් ගමන් ගත් යතුරුපැදියක් හඳුනාගෙන තිබූ අතර එහි ගමන් ගත් තරුණයින් දෙදෙනා මෙසේ ඊයේ(…
පාර්ලිමේන්තුව අසළ විරෝධතා පැවැත්වීම වළක්වමින් හෙට සහ අනිද්දා (05,06) නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ …
පාර්ලිමේන්තුව පැවැත්වෙන අද දින ආණ්ඩුවට එරෙහි විරොධතාකරුවන් පාර්ලිමේන්තුව පරිශ්‍රයේ සාමකාමී අරගලයේ නිරත වෙමින් සිටිය දී ඔවුන් පොලිස් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවස්ථාවේ දී ඒ අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. දින පහක් තිස්සේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අභියස සිට විරෝධතාවයන් පැවැත් වූ විරොධතාකරුවන් අද උදෑසන 5ට පමණ පොලීසිය විසින් ඉවත් කර තිබෙනව අතර…
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
රඹුක්කන මහජන විර්රෝධතාවය අතරතුර විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කල කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (27) පොලිස්පතිවරයාට නියෝග ක…
විරෝධතා පෙළපාලි තිබෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අළුතින් උපකරණ ලබා දීමක් සිදු වී ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙවන් මොහොතක එසේ නව උපරකරණ මිලදී ගැනීම…
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට අලුත්කඩේ උසාවිය හමුවේ අද පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබුණා.
ජනාධිපති කාර්යාලය අසල ගාලු මුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා පොලීසිය විසින් අලුත්කඩෙ උසාවියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
රඹුක්කන විරොධතාවය මැඩ පැවැත්වීමට අවම බලය භාවිතා කර දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස තමන් අණ ලබා දුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහ…
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේ දී අද (22) අනාවරණය වී තිබෙනවා.
රඹුක්කන සිදුවූ මනුෂ්‍ය ඝාතනයට අදාලව පොලීසිය විසින් මුලින් ඉදිරිපත් කර තිබූයේ වාර්තාවකි, වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන්නේ යම්කිසි සිදුවීමක සැකකරුවෙක් නොමැති අවස්ථාවකදීයි. නමුත් මෙම අවස්ථාවේ දී මිනී මැරුමක් සිදුව ඇති බැවින් මහේස්ත්‍ර…
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසාම මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් සමඟ අද පස්වරු 2 පමණ සිට සවස් වන තුරුම ස්ථානීය…
ඉන්ධන ලීටර් 30,000ක් සමඟ වූ බවුසරයකට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමට ගත් උත්සාහය වැළැක්වීමට රඹුක්කන විරෝධතාවය අතරතුර දී පොලීසියට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පතිවරයා පවසනවා.
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
අද (08) පස්වරුව වන විට ගාලුමුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් රථවාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය නිවේදනය කර සිටිනවා.
රටේ වත්මන් තත්ත්වය හමුවේ ජන අරගලය මැඩලීමට යොදවා ඇති පොලිස් නිලධාරීන් සහ ජනතාව අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් සහ ඒවායේ නීතිමය තත්ත්වයන් පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සටහනක් තබා තිබෙනවා.