![]() |
නු වර එළියේ වසන්ත මල්දැක්ම අද (18) ආරම්භ වුණා. ඒ වික්ටෝරියා උද්‍යානයේ දීයි.
ඇ මරිකාව විසින් යේමනයේ රාස් ඊසා හි ඉන්ධන වරායකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප සුගියදා ඇමරිකාව විසින් වෙනත් රටවල් සඳහා පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලොව පුර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.
සි රි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැඟෙන පරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන බව රජයේ ප්රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුව පවසනවා.
අ ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබූ තවත් සුඛෝපභෝගී වාහන දොළහක් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගයකට අනුවයි.
එ ළඹෙන 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වූ වසර හයක් ගතවෙනවා. 2019 වසරේ දී සිදු වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 ගණනකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
සි රි දළදා වන්දනාව සඳහා සහභාගීවන ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය 13ක් අද (18) සිට ක්‍රියාත්මක කරනු ලබනවා.
ඊ ශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2 024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත අවලංගු කරමින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා.
ජ නාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ වේදිකාවේ කල ප්‍රකාශයකට එරෙහිව මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය 2 වන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
" සි රි දළදා වන්දනා" උතුම් ශ්‍රී දළඳා වහන්සේ මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වනවා.
2 025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.
යු ක්රේනය සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට ආරම්භක පියවරක් තබා තිබෙනවා. ඒ ඛනිජ සංවර්ධනය කිරීම පිළිබඳයි.
තු වාල ලැබූ ග්ලෙන් පිලිප්ස් වෙනුවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක 2025 IPL තරගාවලියේ ඉතිරි කාලය සඳහා ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට තෝරාගෙන ඇති බව වාර්තා වනවා.
සි රි දළඳා වන්දනාව අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානමින් කර තිබෙනවා.
පු නර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
2 028 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා වසර 128කට පසුව ක්‍රිකට් තරඟ ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
හෙ ට (15) දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගින් තීරු බදු සම්බ්න්ධයෙන් රජයට නිර්දේශයන් නිකුත් කර තිබෙනවා.
2 025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.