කො විඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කළා.
අ ල්ලස් වශයෙන් රුපියල් 50000/- ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව ලැබ ඉන් වරදකරු වී වසර හතරක සිරදඬුවම් නියම වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දඬුවම අභියාචනාධිකරණය විසින් අද (05) තහවුරු කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් හෙට දිනයේ සිට විශ්වාසභංග යෝජනාවක් අත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන් ද මෙයට සහාය පලකිරීමට සූදානම් බවයි ආරංචි මාර්ග …
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර සිටියත් එම අරමුදලෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. එසේ ලැබෙන ආධාර මුදල් ද වාරික වශයෙන් ලැබෙන…
ඊයේ (21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී තීරණය කර ඇත්තේ අගමැතිගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුවේ කටයුතු දිගටම පවත්වාගෙන යාමටයි. එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ සියළුම දෙනා එකට සිටිමින් පවතින අර්බුදවලට විසඳුම් සෙවිය යුතු බවයි.…
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව එම තනතුරට අළුතින් පත්කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරයි. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස්…
පසුගිය හතරවන දින ආණ්ඩුවේ ඇමතිවරුන් ඉල්ලා අස් වීමට පෙර අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන තිබුණත් අමාත්‍යවරුන් දෙදෙනෙකු එය වළකා ඇති බව ආරංචි මාර්ග පවසනවා.
අද කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව මාධ්‍ය මඟින් දන්වා සිටියත් එවැනි පත් කිරීමක් සිදු නොවන බව ආරංචි මාර්ග පවසනවා. එය බොහෝ විට ලබන සඳුදා හෝ අඟහරුවාදා සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නම් අද (08) දිනය ඇතුළත මුදල් ඇමතිවරයෙකු පත් කළ යුතු බවයි වාර්තා පවසන්නේ.
මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (03) පත් වූ අලි සබ්රි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු තම ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
යම් අමාත්‍යවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස් වන්නේ නම් එම ඉල්ලා අස්වීම් ලිපිය භාරදිය යුතු නිලධරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ පහත පරිදිය.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම භාර දුන් බව වාර්තා වනවා.
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්ට ගෑස් පෝලිමේ සිටි ජනතාව විසින් සිලින්ඩරයකින් පහර දී තිබෙන බව වාර්තා වනවා.
ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා සහභාගී වූ පෞද්ගලික නාලිකාවක සාකච්ඡාවක දී අමාත්‍යවරයා වත්මන් තෙල් මිල නොදැන සිටීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක් ව තිබෙනවා. ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්ම…
මින් ඉදිරියට ලංකා විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සපයන්නේ අදාළ මුදල් ගෙවීම් සිදු කළහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
තම අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක ගැටළුවක් මත ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා…
ල බන වසර තුළ දී රාජ්‍ය අංශයට කිසිවෙක් බඳවා නොගන්නා බවත් වාහන ආනයන සීමා කිරීම එලෙසම ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලාංකික ජාතිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාට පකිස්තානයේ පුද්ගලයින් පිරිසක් එල්ල කල මැර ප්‍රහාරයේ දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ පකිස්තාන ජාතිකයෙකුට එරට දෙවන ඉහළම සම්මානය පිරිනැමීමට පකිස්තාන් රජය තීරණය කර තිබෙනවා.
ඊ යේ (16) දින සිදු වූ කැබිනට් සංශෝධනයක් සමඟම අධ්‍යාපන අමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ද, විදේශ ඇමති ධූරය ජී.එල්. පීරිස් මහතාට ද, සෞඛ්‍ය ඇමති ධූරයට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද, ප්‍රවාහන ඇමති ධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද,…
අ ද (08) පෙරවරුවේ දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ලබා දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී. ඒ සමඟම අමාත්‍යංශ විෂය පථ සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආ…