ඩො නල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි පවසා තිබෙනවා.
ඇ මරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිපල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.
1 979 වසරේ නොවැම්බර් මස 04 වන දින ඉරාන විරෝධතාකරුවන් පිරිසක් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය අත් පත් කර ගැනීමේ 45 වන සංවත්සර සැමරුම හෙටට යෙදී තිබෙනවා.
පු ද්ගලික ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී පුපුරා යාමේ පුවතක් ඊයේ (20) දිනයේ දී වාර්තා වුණා.
අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් මෙරටට පැමිණීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි-ජින්-පිං අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සිදු කරන යුද මෙහෙයුම් වලට මැදිහත් නොවන ලෙස චීනයට දැනුම් දීම ස…
රුසියාවට එරෙහිව තමන් යුද්ධයකට නොයන බව අමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.
අමෙරිකාව, රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුසියන් ඉන්ධන තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ. එසේම අමෙරිකා…
රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුල්වීම තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දී රුසියන් ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කිරීමේ නියෝගය අමෙරිකාව විසින් නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ…
රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම ඇමරිකා ආරක්ෂක අංශ විසින් එරට ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එමඟින් රුසියාවේ යුද ශක්තිය අඩපණ කල හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
ඇමරිකාව විසින් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත රුසියාව සම්බන්ධයෙන් ලිපියක් යවා තිබෙනවා. ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ඉලක්ක කරන පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුවක් සම්බන්ධයෙන් දැනුම් දීමටයි.
රුසියාවට පක්ෂපාතීත්වය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් විසින් ඊයේ දිනයේ දී නැගෙනහිර යුක්රේනයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ස්ථාන කිහිපයකට කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිව්යෝක් නගරයේ අපවිත්‍ර ජලය බැහැර කරන මාර්ග ආශ්‍රිතව අද්භූත කොවිඩ් ප්‍රභේදයක් පැතිරීමේ තර්ජනයක් මතු වී තිබෙනවා. මෙම අප ජල ප්‍රවාහන මාර්ගවල මීයන් බොහෝ දක්නට ලැබෙන අතර එම මීයන් මාර්ගයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බව බලධාරීන් පවසනවා.
රුසියානු හමුදාව ඕනෑම මොහොතක යුක්රේනය ආක්‍රමණය කිරීමට හැකියාවක් ඇති බැවින් යුක්රේනයේ සිටින සියළුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුම් දී තිබෙනවා.
උතුරු කොරියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2017 වසරෙන් පසු වඩා ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත් හදා බැලූ බවයි. එම මිසයිලයට සවිකර තිබූ කැමරාවකින් ගන්නා ලද ඡායාරූප උතුරු කොරියාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
යුක්රේනයට නේටෝ සංවිධානය තහනම් කරන ලෙස රුසියාව විසින් කරන ලද ඉල්ලීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුක්රේන අර්බුදය විසඳීම සඳහා උපක්‍රමයක් ඉදිරිපත් කරන අයුරින් රුසියාව එම ඉල්ලීම කර තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් ම…
නව වසර ආරම්භයේ අමෙරිකා එක්සත් ජනපදයේ පිටිස්බර්ග් නගරයට ඉහළ අහසේ අතිශය බලවත් උල්කාපාත පිපිරීමක් සිදුවී තිබෙනවා. මෙම උල්කාපාතය පිපිරීමේ බලය සයිනමයිට් ටොන් 30කට සමාන බව නාසා ආයතනය පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිරීක්ෂණය නොවන අයුරින් වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා නිලධාරීන් පැමිණෙන බව විමර්ශන වලින් අනාවරණය කර ගෙන තිබුණා. ඒ පසුගිය රජය කාලයේ දී අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාව…
2 022 වසරේ දී චීනයේ බීජිං නුවර දී පැවැත්වීමට නියමිත ශ්රීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. කිසිදු නිල නියෝජිත පිරිසක් මෙම ක්‍රීඩා උළෙලට නොයවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
අ මෙරිකා එක්සත් ජනපදයෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබෙනවා. එම පුද්ගලයා පසුගිය 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට කැලිෆෝනියා ප්‍රාන්තය වෙත පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.