මෙරට සංචාරයේ නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (22) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.
ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජනය හිතකාමී පරිසරය පිළිබඳ මෙහිදී මම උප අගමැතිවරයා ඇතුළු දූත පිරිසව මෙහිදී ජනාධිපතිවරයා විසින් දැනුවත් කර තිබෙනවා. එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.