යුක්‍රේනය සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට ආරම්භක පියවරක් තබා තිබෙනවා. ඒ ඛනිජ සංවර්ධනය කිරීම පිළිබඳයි.
මෙම ගිවිසුමේ ආරම්භක පියවර ලෙස දෙරට අතර සංදේශයකට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සංදේශය ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සහ යුක්රේනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජන අරමුදලක් පිහිටුවීම යන කරුණු අරමුණු කර ගනිමින් අතසන් තැබූවක් බවයි යුක්රේනයේ නියෝජ්‍ය මෙන්ම ආර්ථික ඇමතිනී යුලියා ස්වයිරිඩෙන්කෝ පවසා ඇත්තේ. පිහිටුවීමට යන මෙම අරමුදල යුක්‍රේනයේ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් යුක්‍රේනයේ ප්‍රතිසංස්කරණය සඳහාත් ඵලදායී මෙවලමක් වනු ඇති බවටයි ඇය විශ්වාසය පල කර ඇත්තේ.