සිරි දළඳා වන්දාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා පොලිසීය විසින් වෙබ් අසවියක් හඳුන්වා දී තිබෙනවා.
මෙමඟින් දළදා වන්දනාව සම්බන්ධයෙන් තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකි බවයි පොලීසිය පවසන්නේ.
මෙමඟින් ශ්‍රී දළදා මැදුරේ තේවාවන් පවත්වන වේලාවන්, බැතිමතුන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධ උපදෙස්, වන්දනා කාලය තුල බැතිමතුන් විසින් අනුගමනය කල යුතු උපදෙස් හා දළදා වන්දනාව කළ හැකි කාල සීමාවන් සම්බන්ධ සජීවී තොරතුරු ද සපයා දෙනු ලබවනවා.
එසේම රථ ගාල්වලට වාහන යොමු කිරීමට ඇති හැකියාව සම්බන්ධව හා බැතිමතුන් රැඳී සිටින පෝළිම්වල අවසානය සහිත ස්ථානයට ඉතා ආසන්නතම රථ ගාල් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිවනවා. එය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට රථ ගාල් කලමණාකරණය කරනු ලබන පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලබන බවයි පැවසෙන්නේ.
අදාළ වෙබ් අඩවියට පිවිසීමට https://daladadekma.police.lk/