නුවරට එන ජන ගඟ හැසිරවීම අමාරු තත්ත්වයක, හෙට අනිද්දා නුවරට නො එන ලෙස ඉල්ලීමක්- යුද හමුදාවද පොලීසියේ සහායට

සිරි දළදා වන්දනාව අඛණ්ඩව සය වන දිනටත් අද (23) පවත්වනු ලබනවා. මේ සඳහා ඉතා විශාල පිරිසක් මහනුවර නගරය වෙත පැමිණෙන බැවින් ඔවුන් හැසිරවීම ඉතා අපහසු කටයුත්තක්ව පවතිනවා. 

මේ හේතුවෙන් ඉදිරි දින දෙක තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණිමෙන් වළකින ලෙස පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

මේ වන විටත් පෝලිම්වල බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ඒකරාශී වී ඇති බවත් හෙට(24) සහ (25) යන දෙදින තූළ තවත් බැතිමතුන් පැමිණියහොත් අලුතින් පැමිණෙන බැතිමතුන්ට වන්දනා කටයුතු සිදු කර ගැනීමට නොහැකිවනු ඇති බවත් පොලීසිය පවසනවා. මේ හේතුවෙන් ඉදිරි දින දෙක තුළ සිරි දළදා වන්දනාවට නොපැමිණෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

මේ අතර සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින් යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට සිරි දළදා වන්දනා කමිටුව තීරණය කර තිබෙන බව සඳහන්. යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා සිරි දළදා වන්දනා කමිටුව විසින් ඉල්ලීමක් කිරීමට  නියමිතව තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu