එසේම මේ වන විට ස්ථාන කිහිපයකින් මහනුවර නගරයට ජනතාව ඇතුළුවීම ද සීමා කර තිබෙනවා.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දියත් කළ විශේෂ දුම්රියද නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට ඊයේ (24) දිනයේදී තීරණය කලා.
මේ වන විට මහනුවර නගරයට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු හදිසි රෝගී තත්ත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 420 කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
මේ අතර මහනුවර නගරයේ වෙළඳසැල්වලට හානි කිරීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ රාවයක් පැතිර යමින් පවතිනවා. ඒ වෙනුවෙන් සියළු ආරක්ෂාවන් සැකසී ඇති බවයි එහිදී පවසා ඇත්තේ.
ඊයේ (24) දිනයේ දී අම්පිටිය ප්‍රධාන මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් වන්දනාකරුවන් පිරිසක් ගමන් කිරීම නිසා ආරක්ෂක අංශ ද දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. එම අවස්ථාවේ දී ධාවනය වෙමින් තිබූ හා නවතා තිබූ වාහන රැසකට ද අලාභානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට මහනුවර නගරය කුණු කසලවලින් පිරී ගිය දුඟද හමන ස්ථානයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර නගරයේ ඉදිරි කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන් සවස් කාලයේ දී විශේෂයෙන් සවස 2න් පමණ පසු මහනුවර දිස්ත්‍රික්කයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවයි පැවසෙන්නේ.
ඒ හේතුවෙන් සිරි දළදා වන්දනාව සඳහා සහභාගීවන ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දන්වා ඇත්තේ අකුණු සහ ගිගුරුම් සහිත වැසි වලින් ආරක්‍ෂා වීමට කටයුතු කරන ලෙසයි.