සමාජ ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයමදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ රාත්‍රියේ දී පුද්ගලයෙකු විසින් ඩෑන් ප්‍රියසාද් වෙත වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා. එම ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි ඩෑන් ප්‍රියසාද් අසාධ්‍යව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් සුලු මොහොතකට පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය විසින් මාධ්‍ය වෙතදැන්වූ නමුත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග විසින් ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බව දන්වා තිබුණා. කෙසේවෙතත් අද අලුයම කාලයේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝලවර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
මිය යනවිට ඩෑන් ප්‍රියසාද්ගේ වයස අවුරුදු 39ක්.