පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා ඇත්තේ පසුගිය 11 වනදා සිට එම යන්ත්‍රය අක්‍රීය කර ඇති බවයි. එසේම කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වැනිදා සිට නතර කර ඇති බව ද ඔහු පවසා සිටිනවා.
ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.