2025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම දිනයන් හිදි මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන අතර එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බව දන්වා තිබෙනවා.