උගන්ඩාවේ ඇතැයි කී තමන්ගේ සල්ලි ගෙනෙන තුරු ආණ්ඩුව පස්සේ යන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.
එසේම ආණ්ඩුවට ඉදිරි වසර පහ තුළ කිහිප දෙනෙකු හිරේ දමා තව තවත් බොරු කියමින් කාලය ගත කිරීමට ඉඩ නොතබන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.
ආණ්ඩුව මේ වන විට හොරු අල්ලන පනතක් ද සම්මත කර ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින්.