මෝදි අද අනුරාධපුරයට, වසා තබන පාරවල් ගැන දැනුම් දීමක්


ශ්‍රී
ලංකා සංචාරයකට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  අද (06) දින අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතයි.     

එම සංචාරය හේතුවෙන් උදෑසන 08.30 සිට පැය 11.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ග වසා තැබීමට කටයුතු කරන බවයි දැන්වා සිටින්නේ. 

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කිරිම.

මාර්ගය වසා තැබීම සම්බන්ධව

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සිට ශ්‍රී මහා බෝධිය දක්වා වූ පහත සඳහන් මාර්ගයන් පැය 08.30 සිට (රෝහල් වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, පළාත් සභා වටරවුම, ඔරලෝසු කණුව වටරවුම, කුරුණෑගල හන්දිය දක්වා ) විටින් විට වසා තබන අතර එම කාලය තුළ පහත විකල්ප මාර්ගයන් භාවිතා කළ හැක.

විකල්ප මාර්ග

කැකිරාව, මරදන්කඩවල, ගල්කුලම, කවරක්කුලම හරහා ගුවන්තොටුපල මාර්ගය හරහා අනුරාධපුර නගරය දෙසට ගමන් කරන වාහන ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටින් වමට ඇති විජයපුර දෙසට මාර්ගය ඔස්සේ නගරයට ඇතුළුවිය හැක.

කැකිරාව, මරදන්කඩවල, ගල්කුලම, කවරක්කුලම හරහා ගුවන්තොටුපල මාර්ගය හරහා අනුරාධපුර නගරය දෙසට ගමන් කරන වාහන කවරක්කුලම හන්දියෙන් මාතලේ හන්දිය, යාපනය හන්දිය හරහා අනුරාධපුර නගරයට ඇතුළුවිය හැක.

කුරුණැගල ඒ – 28 මාර්ගයේ හා පුත්තලම ඒ – 12 මාර්ග වලින් පැමිණෙන වාහන පොතානේගම හන්දිය හරහා අනුරාධපුර නගරයට ඇතුළු විය හැකි අතර පූජා නගරයට ඇතුළු වන වාහන පුත්තලම් පාර පණ්ඩුලගම වටරවුමෙන් දකුණට ඇති තිසා වැව දෙසට වු මාර්ගය භාවිතා කල හැක.

වව්නියාව හා මිහින්තලය දෙසින් අනුරාධපුර නගරය හරහා පුත්තලම, කුරුණෑගල දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන යාපනය හන්දිය වටරවුමෙන් දකුණට ඇති පුජා නගරයට ඇතුළු වන මාර්ගය ඔස්සේ කොහොඹගස් හන්දිය. ථුපාරාම හන්දිය, බසවක්කුලම, තිසාවැව, පණ්ඩුලගම වටරවුම හරහා ගමන් කල හැක.

ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීම

ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිත අතර කුරුණෑගල හන්දිය, ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුම, ජයන්ති වටරවුම, වික්ටරි හන්දිය, සිංහ කණුව වටරවුම, දුම්රිය ස්ථානය දක්වා මාර්ගය වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කල හැක.

විකල්ප මාර්ග

කුරුණෑගල ඒ – 28 මාර්ගයේ හා පුත්තලම ඒ – 12 මාර්ග වලින් පැමිණ පොතානේගම හන්දිය හරහා පුජා නගරයට ඇතුළුවන වාහන පුත්තලම් පාර පණ්ඩුලගම වටරවුමෙන් දකුණට ඇති තිසා වැව දෙසට වූ මාර්ගය භාවිතා කල හැක.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් ගන්නා මාර්ගය වසා තැබීම.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට නැවත අනුරාධපුර ගුවන් හමුදා කඳවුර දක්වා සිංහ කණුව වටරවුම, වික්ටරි හන්දිය, ඔරලෝසු කණුව වටරවුම, පළාත් සභා වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, රෝහල් වටරවුම, ගුවන් හමුදා කඳවුර දක්වා මාර්ගය වසා තැබෙනු ඇත


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu