මාතර බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වයේ නවතම තොරතුරු

යේ (22) පස්වරුවේ දී මාතර බන්ධනාගාරයේ ‍රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා

මෙම ගැ‍ටුම ඇති වී තිබෙන්නේ මාතර බන්ධනාගාරයේ රඳවා සිටින ‍රැඳවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යෑමට උත්සාහ කිරීමේදීයි. එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ දී මෙම ගැ‍ටුම හටගෙන තිබුණා.

මෙම ගැ‍ටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව ගැ‍ටුම පාලනය කර තිබුණා. 

නමුත් අනෙවත අද (23) අලුයම වන විට එම ‍රැඳවියන් දෙපිරිස අතර ගැ‍ටුම යළිත් ආරම්භ වී ඇති අතර එය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කර ඇති බවයි පොලීසිය පවසා ඇත්තේ. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායද කැඳවා තිබෙනවා. 

මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙසීය දෙනෙකු පමණ  අගුණකොළපැළැස්ස බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. ‍ඊට කාන්තා රැදවියන් 26 දෙනෙකුද ඇතුළත්. රැඳවියන් පාලනය කිරීමට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu