මෙරට අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස වූ කොන්දේසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති නමුත් එය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ශ්‍රී ලංකාව විසින් එම අරමුදලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඇමරිකා – චීන වෙළෙඳ යුද්ධය හේතුවෙන් ඇඟලුම්, රබර්, පොල් ඇතුළු අපනයන භෝග ක්ෂේත්‍රයට බරපතළ බලපෑමක් එල්ල වී තිබීම එයට හේතුව ලෙස පෙන්වා දී තිබෙනවා. විකල්ප ක්‍රමවේදයක් සොයාගන්නා තුරු අදාළ කොන්දේසිය සඳහා සහන කාලයක් ලබා දෙන ලෙසටයි බලධාරීන් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත්තේ.
අමෙරිකාව විසින් රටවල් වෙත පැනවූ තීරුබදු අතර ලංකාවට පනවා තිබූ 44%ක බද්ද ක්‍රියාත්මක කිරීම මේ වන විට දින 90කට අත් හිටුවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට කණ්ඩායමක් එළැඹෙන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබෙනවා.