නීති විරෝධී සුඛෝපභෝගී වාහන ගැන තවත් තොරතුරක්

ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබූ තවත් සුඛෝපභෝගී වාහන දොළහක් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගයකට අනුවයි. 

ටොයෝටා ජීප් තුනක්, මොන්ටේරෝ ජීප් හයක්, ලෑන්ඩ් කෘෘසර් ජීප් රථයක් මෙම වාහන අතරවනවා. 

මින් පෙර ද රුපියල් කෝටි හැටකට ආසන්න වටිනාකමක් ඇති නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබූ වාහන 15ක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගුවට භාර දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu